Wednesday 13 April 2011

හදමු හංගමු මෙන්න වැඩ | create & Hide

මම කියල දෙන්න යන්නේ කොහොමද අපේ පරිගණකයේ තියෙන Folder 1ක් වෙනත් කෙනෙකුට Folder 1ක් කියල නොහිතෙන්න වෙනස් කරන විදියක්.


සමහර අය මේක දන්නවත් ඇති. 
නොදන්න අයට දැනගන්නත් එක්ක ඔන්න මම කියල දෙනවා

උදාහරනයක් විදියට D:/ පාටිෂන් එකේ Folder 1ක් හදමු කැමති නමකින් 
මම මේකට නම දෙනව "Games" කියල





දැන් කරන්න තියෙන්නේ ඒ පාටිෂන් එකේම Notepad එකක් ඇරලා,




ඒකේ මම මේ දෙන කේතය (Code) එක type කරන්න.


Quote:
ren games games.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}




මෙහි games games ලෙස සදහන් වී ඇති තැනට ඔයා Folder එකට දීපු නම දෙන්න. 

හරි නේ ?


දැන් Notepad එක SAVE කරන්න ඕන


Quote:
loc.bat



Save වුනාම මෙහෙමයි





දැන් ඒක දෙපාරක ඔබල බලන්නකෝ මොකද වෙන්නේ කියලා



Folder එක වෙනස් වුනා නේද ?
දැන් Folder එක ඇතුලට යන්න බලන්න




දැන් බලමු ආයෙම Folder එකට හරි විදියට යන්නේ කියලා

කලින් Open කරගත් Notepad එක හරි අලුතෙන් Notepad 1ක් හරි හදා ගන්නකෝ

ඒකේ මම මේ දෙන කේතය (Code) එක type කරන්න.


Quote:
ren games.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} games




මෙහි games ලෙස සදහන් වී ඇති තැනට ඔයා Folder එකට දීපු නම දෙන්න. 

games කියල තියෙන තැන් දෙකටම එයා දීපු නම දෙන්න

කලින් වගේම
හරි නේ ?




දැන් Notepad එක SAVE කරන්න ඕන


Quote:
key.bat


Save වුනාම මෙහෙමයි




දැන් ඒක "key" දෙපාරක ඔබල බලන්නකෝ මොකද වෙන්නේ කියලා

Folder එක ආයෙම වෙනස් වුනා නේද කලින් තිබුනු විදියටම?




දැන් Folder එක ඇතුලට යන්න බලන්න 



යන්න පුලුවනි නේද?





1 comment:

බැලුවද ?
ඉතිං එහෙනම් කොමෙන්ටුවක් දාලම යමු නේද.. :)